නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තවම කිසිවක් කෙටුම්පත්කර නොමැති බවට රජය විසින් කරනු ලබන ප්‍රකාශ අසත්‍ය බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.
සියල්ල කෙටුම්පත්කර පවතිද්දී ජනතාවගෙන් මතුවූ විරෝධය හමුවේ ආණ්ඩුව 'රඟපෑමක' යෙදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා 'බීබීසී'යට පැවසීය.
ඔහු මේබව කියා සිටියේ ව්‍යවස්ථා සම්පාදන අනුකමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව 'බීබීසී සංදේශය' කළ විමසීමකදී ය.
"ජනවාරි 9, 10, 11 මේ අනුකමිටු වාර්තා හය විවාදයට ගන්න තීරණය කරලා තිබුණේ. නමුත් අපේ බලපෑම් සහ රටේ නැගුණු විරෝධතා හමුවේ ඒක අකුලා ගත්ත. එතෙන්දිත් ඔය කතාවම තමයි කිව්වේ - මේ කලබලවෙන්න එපා, තවම ව්‍යවස්ථාවක් හදල නැහැ කියල.
නැහැ. ව්‍යවස්ථාව හදල ඉවරයි. මේ අනුකමිටු දාල කරන්න හදන්නේ, අපි ගමේ භාෂාවෙන් කියනවනම්, මුට්ටිය දාල බැලීමක් මේ කරන්න උත්සාහ කරන්නේ. කොළ කෑල්ලක්වත් නැත්නම් ඇයි මේ දවස් තුනක් නාස්තිකරලා මේ කතන්දරේ කියන්නේ?" යනුවෙන් ඔහු පැවසීය.
නව ව්‍යවස්ථාව පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ජනතාව බිය වද්දනු ලබන බවට පවතින චෝදනා ගැන විමසූවිට කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ "මේ රටේ මිනිස්සුන්ගේ බුද්ධියට අපහාස කරන්න එපා කියල මම මුලින්ම ඉල්ලා සිටිනවා. මොකද, අපි 51දෙනෙකුට පුලුවන්නම් රටේ මිලියන විස්සක් බිය ගන්වන්න එය බුද්ධියට කරන අගෞරවයක්නේ." යනුවෙනි.
(බීබීසී සංදේශය)
"ආණ්ඩුව මුට්ටිය දාල බලනවා" - ඒකාබද්ධයෙන් චෝදනා
2017-02-17T12:53:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|