කුස තුළ ඉන්නේ දුවෙක්‌ නම් නොවරදින වෛද්‍ය උපදෙසක්

මවු කුසේ හැදී වැඩෙන දරුවා ගැහැනුද පිරිමිද කියා පැවසීමට තරම් වර්තමානයේ නවීන විද්‍යාව දියුණුවී ඇතැයි පැවසූවත් මීට වසර දහස්‌ ගණනකට පෙරද මවු කුසේ පිළිසිඳ ගන්නා දරුවා ගැහැනුද පිරිමිද කියා පැවසීමට තරම් දියුණු වෛද්‍ය ක්‍රම පැවත තිබෙනවා. නාඩි වෛද්‍ය විද්‍යාවට අනුවද එසේ නිවැරදිව පැවසීමේ හැකියාව ඇතැයි සඳහන් වනවා.

අඟුලාන ලියන්වෙල සෘෂි නාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ වෛද්‍ය මහාචාර්ය ජිනසිරි ලියන්වෙල මහතා  දිනපතා පුවත්පතකට දී ඇති සාකච්ඡාවක ගැහැනු දරුවකු පිළිසිඳ ගත් විට මව ගත යුතු ආහාර පාන වර්ග පිළිබඳව උපදෙස් ලබාදී තිබෙනවා.
එම සාකච්ඡාව පහතින් දැක්වේ.

වෛද්‍යතුමනි නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව මවු කුසේ වැඩෙන දරුවා ගැහැනුද පිරිමිද කියා පවසන්නේ කෙසේද?

නාඩි වෛද්‍ය සෘෂි උතුමන්ලා විසින් ගැහැනු දරුවකුට සහ පිරිමි දරුවකුට අදාළ නාඩි හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මවු කුසේ පිළිසිඳ ගත් කලලය ගැහැනුද පිරිමිද කියා එම නාඩි පරීක්‌ෂා කර බලා නිවැරදිව කිව හැකියි.

මම මුලින්ම ගැහැනු දරුවකු පිළිබඳව පැහැදිලි කරන්නම්.

ගැහැනු දරුවකුට අදාළව නාඩි 20 ක්‌ තිබෙනවා.

ගැහැනු දරුවකු මවු කුස පිළිසිඳ ගෙන මාස තුනකට පසුව එම නාඩි සක්‍රිය වෙනවා.

කලල නාඩිය, පෝෂණ නාඩිය, වර්ධන නාඩිය, සවන් දෙන නාඩිය, ක්‍රියාකාරී නාඩිය, චිත්ත නාඩිය, විමසුම් නාඩිය, නිසසල නාඩිය, සෙනෙහස නාඩිය, මතක නාඩිය, පරිවර්තන නාඩිය ලෙසින් නාඩි 20 ක්‌ ගැහැනු දරුවකුට බල පැවැත්වෙනවා.

දක්‌ෂ නාඩි වෛද්‍යවරයකුට එම නාඩි පරීක්‌ෂා කර කුස තුළ පිළිසිඳ ගෙන සිටින්නේ ගැහැනු දරුවකුද පිරිමි දරුවකුද කියා නිවැරදිව පැවසීය හැකියි.

ගැහැනු දරුවකු කුස තුළ පිළිසිඳ ගෙන ඇති විට එම මවගේ දරු ගැබ සහිත කුස ඉදිරියට නෙරා එන්නේ උල් හැඩයටයි. මවගේ දැත් දෙපා මුහුණ ප්‍රියමනාප බව තවත් වර්ධනය වෙනවා. කෝපය අඩු වෙනවා. සංවේදී බවකින් යුක්‌ත වෙනවා.

වෛද්‍යතුමනි, ගැහැනු දරුවකු පිළිසිඳ ගත් විට මව ගත යුතු ආහාර පාන වර්ග පිළිබඳව නාඩි වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන්නේ කෙසේද?

ගැහැනු දරුවකු යනු මතු දිනයකදී මවු පදවිය ලබන්නට සුදුසුකම් දරන අයෙක්‌ නිසා මව නිතරම කුසලයට බර ආහාර පාන ගත යුතුයි.

එළවළු සුප්, ධාන්‍ය වර්ග, පලා වර්ග ආහාරයට ගැනීම සුදුසුයි. සතියකට තුන් හතර වරක්‌වත් උදැසනට කැකුළු සහලේ බතක්‌ පිස ගෙන ගොඩ හොද්දක්‌ සමඟ ආහාරයට ගැනීම ගුණදායකය.

එළකිරි සහ එළු කිරි උදෑසනට පානය සුදුසුය.

පලතුරු ලෙස කටු අනෝදා, ආතා, දූරියන්, බෙලි, කහ පැහැති කාමරංකා, ලාවුලු වර්ග ඉතා ගුණදායකය.

මස්‌ මාංශ ගැනීම අකැප බව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා තිබෙනවා.

එළු මස්‌, ඌරු මස්‌, හරක්‌ මස්‌, කුකුල් මස්‌ ඇතුළු සිවුපා මාංශත් ලුණු සහිත ජලයේ ජීවත් වන දැති මෝරාගේ සිට කුනිස්‌සා දක්‌වා මත්සයිනුත් ඇළේ, දොළේ, ඔයේ, පොකුණේ, විලේ, කඩිත්තේ පොක්‌කණියේ, වලේ වාසය කරන දණ්‌ඩියාගේ සිට තිත්තයා දක්‌වා මත්සයිනුත් ආහාරයට නොගන්නා ලෙස සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.
Previous Post Next Post