ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහි අතුරු තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. එය ලබන ජූලි මස 13වනදා දක්වා දීර්ඝ කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.
නිසි ප්‍රමිතියකින් යුත් හෙල්මට් භාවිතයට හැකිවන ලෙසට නව රෙගුලාසි සම්පාදනය කිරීම මෙතෙක් අවසන් වී නැති බව නීතිපතිවරයා දැනුම් දුන්නා.
එසේම අදාළ පෙත්සම සමබන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි නීතිපතිවරයා තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම සදහා දීර්ඝ කාලයක් ලබා දෙන ලෙසටද ඔහු ඉල්ලා සිටියා. ඒ අනුවයි ෆුල්ෆේස් තහනමට එරෙහි අතුරු තහනම තවදුරටත් දීර්ඝ කළේ.
ෆුල්ෆේස් තහනමට එරෙහි අතුරු තහනම තවදුරටත් දීර්ඝ කෙරේ
2017-02-20T16:13:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|