සයිටම් පරාජය කිරීමට කටයුතු කරනවා

රෝගී ජීවිත අනතුරට ලක්කරන සහ රටේ සෞඛ්‍ය සේවාව අනතුරට ලක්කරන සයිටම් ආයතනය පරාජය කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

සයිටම් ආයතනය පරාජයට පත්කිරීමට පෙළ ගැසෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව ඉදිරියේදී කටයුතු කරන බව එම පක්ෂයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසා සිටියේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද (06දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුව හෙතෙම මේ බව පැවසීය.
Previous Post Next Post