නව ව්‍යවස්ථාව සඳහා ජනමත විචාරණයකට සූදානම්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බව සභානායක අමාත්‍ය ලක‍ෂ්මන් කිරිඇල්ල මහතා අද(09) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

නිදහස් පක්ෂයේද සහය ඇතිව නව ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එහෙත් තවමත් නව ව්‍යවස්ථාවේ එකම වගන්තියක් හෝ සකස් කර අවසන් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්ථාව තුළින් ජාතික ප්‍රශ්නය සඳහා 13 වන සංශෝධනය පදනම් කර ගත් විසඳුමක් ලබා දීම ආණ්ඩුවේ ස්ථාවරය බවත් ඒ මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදේශ අමාත්‍යවරයා විදේශ මාධ්‍යවේදීන් හමුවේ කර ඇති ප්‍රකාශයක් පිළිබඳ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ අවස්ථාවේ දීය.
Previous Post Next Post