ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ නිදහස් වීසා නෑ

ශ්‍රී ලාංකිකයන්ට ඇමෙරිකාවට ඇතුළු වීමට නිදහස් විසා ලබාදිම සඳහා විධායක නියෝගයක් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර ඇති බවට  usa-television.com නැමැති වෙබ් අඩවියක් තොරතුරු වාර්තා කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අබ්දුල් හලීම් මහතාගෙන් 'අද'  කළ විමසුමකදී ඔහු පැවැසුවේ එවැනි දෙයක් පිළිබඳව තවමත් නිල වශයෙන් අමාත්‍යාංශය දැනුවත් කිරීමක් කර නොමැති බවයි.
යූ.එස්.ඒ. ටෙලිවිෂන් වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරමින් පැවැසුවේ සංචාරක හා ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඇමෙරිකාවේ දින 180ක කාලයක් රැදී සිටීමට නිදහස් වීසා ලබාදීමට ඇමෙරිකානු ජනපතිවරයා කටයුතු කර ඇති බවයි.
Previous Post Next Post