පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩි වැඩියෙන් රට තුළ බිහි විය යුතු බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
මාලඹේ සයිටම් වැනි ආයතන දහයක් රට තුළ සෑදිය යුතු බවත් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදෙස් අධාපනය සඳහා වියදම් කරන අති විශාල මුදල් ප්‍රමාණය එමගින් අවම කර ගත හැකි යයිද උන්වහන්සේ කීහ.
මේ රටේ හැමෝටම ජාතික විශ්වවිද්‍යාලවලට යෑම කළ නොහැකි බව කී ඥානසාර හිමියෝ සයිටම් යනු ජාතික සම්පතක් යයිද පැවසූහ.
මෙම තොරතුරු අනාවරණය වුයේ ඊයේ(31) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී අදහස් දක්වමින් බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ආචාර්ය දිලන්ත විතානගේ මහතා ප්‍රකාශ කළේ, පෞද්ගලික රෝහල් තුළ බැරෑරුම් ශල්‍යකර්ම කරනවා නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට බාධාවක් නොමැති යයිද කීය.