කරුණාගේ වැරදිවලට සමාව දිය යුතුයි

කරුණා අම්මාන්ගේ පක්ෂය හොඳ දෙයක් විදියට දකින බවත්, ඔහුගේ වැරදි සඳහා සමාව දිය යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13) පැවසීය.

නව පක්ෂයක් නිර්මාණය කරන්නැයි කියා ඒකාබද්ධ විපක්ෂය ඔහුගෙන් ඉල්ලීමක් නොකළ බවත්, බෙදුම්වාදයට විරුද්ධ කෙනෙක් උතුරේ සහ නැගෙනහිර දේශපාලනය කිරීම සම්බන්ධව තමන් සතුටට පත්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
පිටකෝට්ටේ පාගොඩ පාරේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“කරුණා අම්මාන් කියන්නේ අපි බුක්ති විඳින නිදහසට තීරණාත්මක දායකත්වයක් දක්වපු කෙනෙක්. නැගෙනහිර මුදාගැනීමේ ක්‍රියාවලිය සිදුවෙන්න ඉඩ තිබුණා එම දායකත්වය නොලැබුණානම්. අද උතුරු නැගෙනහිර මව්බිම දෙපලු කිරීමට දෙමළ ජනතාව අවුස්සමින් සිටින වාතාවරණයක අපේ මාතෘභුමියට ජයවේවා කියලා ප්‍රාර්ථනා කරන දේශපාලකයෙකු  දේශපාලන  පක්ෂ බිහිකරමින් උතුරු නැගෙනහිර ජනතාව අතරට යන්න තීරණය කිරීම මව්බිමේ ඒකිය භාවයට,මව්බිමේ භෞමික අඛණ්ඩතාවට  ලැබෙන ආශිර්වාදයක් විදියටයි අපි දකින්නේ.

කාට හරි දඬුවම් කරනවානම් මාතෘ භුමියට ජයවේවා කියන බෙදුම්වාදය පරාජය කරන්න තමන්ගේ දේශපාලනය කැපකරලා තියෙන ත්‍රස්තවාදියෝ  විතරක් නෙමයි පසුගිය ආණ්ඩුව විසින් නිදහස් කරපු12000ට ම එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කරුණා අම්මාන්  2004 දී කොටි සංවිධානයෙන් ඉවත්වෙලා එම සංවිධානයට විරුද්ධව සටන් කළා. එම කාරණා දෙකම අපිට මහලොකු සහයෝගයක් වුණා. අපි කරුණා අම්මාන්ගේ වැරදිවලට සමාව දිය යුතුයි.මොකද ඔහු සමාව ගතහැකි මට්මට අනිත් පැත්තෙන් මේ රට වෙනුවෙන් වැඩකරලා තියෙනවා.“යනුවෙන් පවසා සිටියේය.
Previous Post Next Post