කොටි නැගිටිනවා ඇත්තයි

එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත හිස ඔසවන බවට තහවුරුවී ඇති බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පෙර පැවති ආරක්ෂාව යළි ලබාදෙන ලෙස පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

දෙමළ ඊළම පේන මානයේ පවත්නා ෆෙඩරල් විසඳුමක් ඉල්ලන සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට ඔවුන් විසින් තැත් කරන්නේනම් මහින්ද රාජපක්ෂ මහතාට පවත්නා තර්ජන පිළිබඳ අමුතුවෙන් සිතිය යුතු නැති බව මන්ත්‍රීවරයා කියා සිටියෙ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Previous Post Next Post