දකුණු අප්‍රිකාව නොම්බර එකට

ඊයේ (10) පැවැති තරගයෙන්ද ලකුණු 88ක ජයක් ලබමින් ශ්‍රී ලංකාව සමඟ පැවැති එක්දින තරගාවලිය 5 - 0ක් ලෙස ජය ගැනීමට සමත් වූ දකුණු අප්‍රිකාව එක්දින ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටී.

තරගාවලි පරාජයක් ලද ශ්‍රී ලංකාවට ලකුණු 3ක් අහිමිව ඇති අතර කෙසේවුවද ඔවුන් 6වැනි ස්ථානයේ තවදුරටත් රැඳීමට සමත්ව සිටී.
ශ්‍රේණිගති කිරීම් හි දෙවැනි ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව සිටින්නේ දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 5ක් පිටුපසිනි.

නවසීලන්තය තෙවැනි ස්ථානයේ පසුවන අතර සිව්වැනි හා පස්වැනි ස්ථානවල ඉන්දියාව හා එංගලන්තය පසුවේ.

පාකිස්තානය ඇත්තේ අටවැනි ස්ථානයේය.

එක්දින ශ්‍රේණිගත කිරීම් මෙසේය.

01. දකුණු අප්‍රිකාව 122
02. ඔස්ට්‍රේලියාව 118
03. නවසිලන්තය 113
04. ඉන්දියාව 112
05. එංගලන්තය 107
06. ශ්‍රී ලංකාව 98
07. බංග්ලාදේශය 91
08. පාකිස්තානය 89
09. බටහිර ඉන්දීය කොදෙව් 87
10. ඇෆ්ගනිස්ථානය 57
11. සිම්බාබ්වේ 47
12. අයර්ලන්තය 42
Previous Post Next Post