පිළිකාවට දෙන පෙති මතට දෙන ජාවාරමක්

ශ්‍රී ලංකාවේ ලියා පදිංචි නොකළ ප්‍රබල වේදනා නාශක ඖෂධ පෙති 70,000ක් පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරේරා මහතා සඳහන් කරයි.

මත්ලෝලීන් සඳහා අලෙවි කිරීමට මේවා ප්‍රවාහනය කර ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
මෙම  ඖෂධය පිළිකා රෝගීන්ගේ වේදනාව අඩුකර ගැනීම සඳහා  භාවිතා කරන්නකි.

මෙම වේදනා නාශක පෙත්තක සාමාන්‍ය මිල රුපියල් 4ක් වුවද මත්ලෝලීන් සඳහා මෙම ඖෂධය අලෙවි කරනුයේ රුපියල් 80ක මිලකට බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇතැයි අමිත පෙරේරා මහතා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 56ක් වන අතර එම තොගය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට  ජාතික ඖෂධ අධිකාරිය කටයුතු කරන බව වාර්තාවේ.
Previous Post Next Post