හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මින්නේරිය ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මූලස්ථානය වෙත භාර දී ඇති බවද සඳහන්දේ.
කෙසේවෙතත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මින්නේරිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුවද ඉදිරියේ දී පැවැත්වෙන සෑම මැතිවරණයකදීම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි පැවසුවා.
ඔහු සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉවත් වෙයි
2017-02-06T15:17:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|