එජාපය සහ ශ්‍රීලනිප තීරණාත්මක සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතාව ගොඩනැගිම සඳහා විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර එහි මුල් සාකච්ඡාව සිකුරාදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 ඒ සඳහා පක්ෂ දෙකේම මහ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් 02 ක් පත්කර තිබේ.

එම කණ්ඩායම් සැම සති දෙකකටම වරක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර, පක්ෂ දෙක අතර පැන නගින ගැටලු සම්බන්ධයෙන් එහිදී වැඩි වශයෙන් අවධානයට යොමු කෙරෙනු ඇත.
මේඅතර, ආණ්ඩුව අපහසුතාවයට පත් වන ආකාරයේ අදහස් කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පිටතදී ප්‍රකාශ නොකරන ලෙස ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා එසේ පැවසුවද, පසුගියදා ඔහු නාරාහේන්පිට අභයාරාමයේදී සිදුකල ඇතැම් ප්‍රකාශ ආණ්ඩුවේ සමගියට බාධාවක් බවට ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ම චෝදනාවට ලක්ව ඇත.
Previous Post Next Post