හොරෙන් කතුන් රට පන්නන අය වහා අත්අඩංගුවට

විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළව නීත්‍යනුකූල නොවන අයුරින් උප ඒජන්තවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගැනීමට සූදානම් බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉකුත් 2දා පැවැති ශ්‍රමික සුරැකුම් ජංගම සේවා වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.
එවැනි උප ඒජන්තවරුන් හරහා විදේශ ගත වන ශ්‍රමිකයන්ගේ වගකීම විදේශ රැකියා අමාත්‍යාංශයට දැරිය නොහැකි බවත් නීත්‍යනුකූල නොවන උප ඒජන්තවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැටලීම් අංශයට උපදෙස් ලබා දුන් බවත් තලතා අතුකෝරල මහත්මිය කියා සිටියාය.

සමාජයේ පැනනඟින ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීමේදී මව හෝ පියා විදේශ ගත වූ පවුල්වල ළමුන් මත්ද්‍රව්‍යවලට වැඩි වශයෙන් ඇබ්බැහි වී ඇති බවද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා තම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කොට මාසයකට වරක් වාර්තා කැඳවන්න කටයුතු කරන බවද අමාත්‍යවරිය පවසයි.
Previous Post Next Post