චන්දිමාල්ගේ බැටින් කෑවේ මාවන් ?

දිනේෂ් චන්දිමාල්ට දිගින් දිගටම ලකුණු අතරට පැමිණීමට නොහැකිව ඇත්තේ ඔහුගේ පන්දුවට පහරදීමේ ඉරියව්ව වෙනස් කිරීම නිසා බව ක්‍රිකට් කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහුගේ පන්දුවට පහරදීමේ ඉරියව්ව වෙනස් කිරීමට මූලිකව ඇත්තේ එකල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළ මාවන් අතපත්තු බවද පැවසේ.
මාවන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කරද්දී එවකට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ව සිටි මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාරගේ පිතිකරණයේ රටාවන් මාවන්ට වෙනස් කිරීමට අසූරු වූ බවත් එබැවින් මාවන් වැඩි වශයෙන් චන්දිමාල්ගේ පිතිකරණයට නොයෙක් වෙනස් කිරීම් සිදු කළ බවටද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින්  වාර්තා වේ.

කෙසේවුවද, මේ තර්කය සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රවීනයන් පවසන්නේ මාවන් චන්දිමාල්ගේ  පන්දුවට පහරදීමේ ඉරියව්ව වෙනස් කළද ඔහුට එය සකස්කරගෙන සිය පිතිකරණය දියුණු කර ගැනීමට මේවන විට ලැබුණු කාලය හොඳටම ප්‍රමාණවත් බවයි.

ඔවුන් පෙන්වාදෙන්නේ චන්දිමාල් ජාත්‍යන්තර පිටියට පැමිණියේද ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ජාත්‍යන්තර පිටියට පැමිණි සමයේදී බවත්, ඔවුන්දෙදෙනාගේ පරස්පරය දෙස බලනකල චන්දිමාල් යම් පසුබෑමකට ලක්ව ඇති බවයි.
Previous Post Next Post