අන්තරේ කැඳවුම්කරුට ඇප

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතාට ඇප නියම කරයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට අද (09) දිනයේ ඇප ලබා දී තිබේ.

අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව ඇප නියම කිරීමේදී විරෝධතා ව්‍යාපාරවලට සහභාගිවීම වලක්වාලමින් අධිකරණය ලහිරු විරසේකරට ඇප කොන්දේසියක් පනවා තිබුණි.
කෙසේ වෙතත් එම කොන්දේසිය කඩකරමින් පසුගියදා පැවැති විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විරෝධතා පා ගමනට සහභාගී වූ බවට ලහිරු වීරසේකරට චෝදනා එල්ලවී තිබේ.
Previous Post Next Post