ක්‍රිකට් ලොක්කෝ නැගෙනහිර ඡන්ද වන්දනාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් සිය ඡන්ද බලය ශක්තිමත් කර ගැනීමට එම ආයතනයේ මුදලින් නැගෙනහිර සංචාරයක නිරතවීමට සූදානම් වන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සංචාරය දිස්ත්‍රික් ක්‍රිකට් නිලධාරීන් හමුවීමට යැයි කියමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් සාධාරණීයකරනය කරමින් පවතින බවද වාර්තා වේ.

ඒ අනුව ඔවුන් ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිතය.
මේ සංචාරයට ක්‍රිකට් ආයතනයේ සභාපති, සහ එහි සෙසු නිලධාරීන් ඇතුළු 15 දෙනෙකු පමණ පිරිසකගෙන් යුක්ත නඩයක් දින හතරක කාලයක් නැගෙනහිර පළාතේ සංචාරය කිරීමට නියමිත බවද පැවසේ.

Patty Cash මිලියනයක්


මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් පොළොන්නරුව යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වූ අතර ඒ සඳහා සුළු මුදල් (Pytty Cash) ලෙස රුපියල් මිලියනයක මුදලක් රැගෙන ගොස් ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බඩු බෙදීම

පසුගිය සංචාරයේදීද අදාළ ප්‍රදේශවල ක්‍රිකට් භාණ්ඩ බෙදීමක් සිදු කළ අතර මෙවරද එසේ බඩු බෙදීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
Previous Post Next Post