අද සිට සතියක් ජාතික ධජය ඔසවන්න

69 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද(1) සිට සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 නිවෙස්වල, වෙළෙඳ ව්‍යාපාර, රජයේ හා පෞද්ගලික කාර්යාල හා ආයතන මෙන්ම වාහනවල එලෙස සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස එම අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

පෙබරවාරි මස 04 වනදාට යෙදෙන 69 වන ජාතික නිදහස් සැමරුම් උළෙල  මෙවර ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික සමඟිය තේමා කරගනිමින් අභිමානවත් ලෙස 69 වන ජාතික නිදහස් දිනය සමරන බවයි.
Previous Post Next Post