ඉදිරි ජාතික මැතිවරණයක දී කිසිදු ප්‍රධාන පක්ෂයක් සමඟ එක් නොවී තනිවම තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.
අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ නිවසේ දී පෙරේදා (19) පස්වරුවේ පැවති පොදුජන පෙරමුණේ අනුරාධපුර බටහිර හා මිහින්තලේ ආසන වල තරුණ බල බලමණ්ඩලය අමතමින් ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසිය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට අවශ්‍ය පසුබිම හා වටපිටාව සකස් කර ඇති බවත් ජයග්‍රහණය පෙනි පෙනී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් පිරිස් සමඟ එක් වීමට අධිෂ්ඨානයක් නැතැයිද ජි.එල් පිරිස් මහතා කීය.
යහපාලන ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරු ආණ්ඩුව හා මැති ඇමැතිවරුන් විවේචනය කරන්නේ ජනතාවගේ ආකර්ෂණය දිනාගැනීමට බව පැවසු පීරිස් මහතා, '' මේක ප්‍රෝඩාවක්. හොදහිත දිනාගන්න කරන රැවටිල්ලක්. මේ රැවටිල්ලට හසු වෙන්නට එපා කියා අපි ජනතාවට කියනවා'' යයි ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන,ශෙහාන් සේමසිංහ,දිලුම් අමුණුගම,උතුරු මැද පළාත් ප්‍රවාහන හා සමුපකාර ඇමැති එස්.එම්.රංජිත්,මන්ත්‍රීවරුන් වන සරත් ඉලංගසිංහ,කේ.පී.එස්.කුමාරසිරි,නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ,මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් ද, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් මෙන්ම තරුණ බල මණ්ඩල සාමාජිකයන් හා එම පක්ෂයට සම්බන්ධ සාමාජිකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද පාර්ශ්වය මැතිවරණයේ දී වෙනම සටනට
2017-02-21T15:35:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|