දිසාපති තාත්ත දෝණිට මගුලක් සොයයි

ෆේස්බුක් සමාජ ජාලය දිනෙන් දින ජනතාව අතර ජනප්‍රියවීමට එක් හේතුවක් වන්නේ ඒ තුළ විටින් විට මතුවන සමාජ ප්‍රස්තුතවලට තාර්කික හා හාස්‍ය මතුවන කරුණු කාරණා පලවීමය.

ඒ අනුව එසේ අද (10)  දිනයේ ෆේස්බුක් සමාජ ජාලය තුළ වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති එක් පොස්ටුව වන්නේ පහත පළකර ඇති අපූරු මංගල දැන්වීමයි.

 “බොදු ගොවි බස්නාහිර සයිටම් නොවන රජයේ වෛද්‍ය දියණියට සුදුසු සහකරුවෙකු රන්ජට බය නැති උපදිසාපති පියා සොයයි.  දායාද වශයෙන් සරුසාර ක්රෝටන් කොළ සහ කෝප්ප කොළ වගාවක් සහිත වතුයායක් සහ  ජර්මනියේ නිෂ්පාදිත 4 ශ්‍රී වොක්ස්වැගන් වර්ගයේ , කිසිම අවභාවිතාවක් කර නොමැති රජයේ නොවන පුද්ගලික මෝටර් රථයක්. විජිත මුනි හෝ සුමනදාසගෙන් නිකුත් නොකළ කේන්දර පිටපතක් සමග විමසන්න.(සයිටම් නොවන රජයේ වෛද්‍ය පුතෙකු නම් විශේෂයි.)”   
විමසීම් සිළුමිණ BR 42351
Previous Post Next Post