නල ජලය අඩාල වන ලකුණු

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් ජල සැපයුම අඩාල වීමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට එක්ව සිටින්නේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමයයි.
රාත‍්‍රී නඩත්තු සේවාවලින් සහ අතිකාල සේවාවලින් ද මේ වන විට ද ඉවත් වී සිටින බවයි ඔවුන් ප‍්‍රකාශ කළේ. මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය පිළිබඳව නෙත් නිවුස් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායකගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ඉල්ලීම් ලැබෙන තෙක් වෘත්තිය ක්‍රියාමාර්ග සිදු කරන බවයි.  වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් සතිඅන්තයේ ජල සැපයුම බිඳවැටීමේ අවදානමක් මතුව ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. වැටුප් වැඩිවීම් සහ තනතුරු සම්බන්ධ ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කෙරෙනවා.

ගැටලුවලට විසඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට වුවද තීරණය කර ඇති බවයි ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංගමය පැවසුවේ.
Previous Post Next Post