බාහිර උපාධි කප්පාදු කළ යුතුයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසකට විශාල ධනයක් උපයාගැනීමේ ජාවාරමක් බවට පත්ව ඇති බාහිර උපාධි ව්‍යාපාරය කප්පාදු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අවධාරණය කරයි.

ඒ මහතා  මේ බව අවධාරණය කර සිටියේ දූෂණ විරෝධි පෙරමුණ විසින් රාජගිරිය, වැලිකඩවත්ත පාරේ පිහිටි එම කාර්යාලයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට ඊයේ (14) එක්වෙමිනි.
හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ බාහිර උපාධි පාඨමාලා ඇති විශ්වවිද්‍යාල කිහිපයක් ශ්‍රී ලංකාවේ තිබුණද, ගුණාත්මකභාවයෙන් ඉතා පහළ සමත්වීම පහසු පාඨමාලා ඇති විශ්වවිද්‍යාල සඳහා වැඩි ඉල්ලුමක් ඇති බවයි.
එසේම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පවත්වාගෙන යාමේ දුෂ්කරතාව මෙන්ම අවභාවිත වීමේ ප්‍රවණතාවද වැඩි වශයෙන් දක්නට තිබියදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යාම අසීරු බවද ආචාර්යවරයා පෙන්වා දුන්නේය.
gossip lanka