රටේ පාර්ලිමේන්තුවට එක් ඡන්ද ක‍්‍රමයක්ද, පළාත් සභාවට තවත් ඡන්ද ක‍්‍රමයක්ද, පළාත් පාලන ආයතනවලට තවත් ඡන්ද ක‍්‍රමයක්ද වශයෙන් ඡන්ද පැවැත්විය යුතු නැතැයි ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ(19) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එය විකාර සහගත දෙයක් බවත් එනිසා මෙම ඡන්ද ක‍්‍රමයේ විකෘති තත්වය ඡන්ද පැවැත්වීමට බාධාවක් වී තිබෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර මහතා,
මේ සම්බන්ධයෙන් අප දකින ප‍්‍රධාන ගැටලූ දෙකක් තිබෙනවා. එකක් තමයි සීමා නිර්ණයේ ගැටලූ. දෙවැනි කරුණ වෙන්නේ ඡන්ද ක‍්‍රමයේ ඇති ගැටලූ සහගත බව. සීමා නිර්ණය සම්බන්ධව ඇති ගැටලූ විසඳාගැනීම වෙනුවෙන් ආණ්ඩුව යම් යම් කි‍්‍රයාමාර්ග අනුගමනය කළත් මැතිවරණ ක‍්‍රමයේ ගැටලූ විසඳීම සඳහා ආණ්ඩුව කිසිදු පියවරක් අනුගමනය කරන්නේ නැහැ.
මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ඡන්ද ප‍්‍රමාණය මත දෝලනය වෙනවා. 25%ක කාන්තා නියෝජනයකුත් ඇතුලූ වෙනවා නම් සභාවේ මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ගණනය කිරීම ඒ අනුව කළ යුතු වෙනවා. එනම සභාවේ මන්ත‍්‍රීවරු නිශ්චිතව සඳහන් කළ නොහැකියි. එම නිසාම සභාවක මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ගැසට් කළ නොහැකියි. නමුත් රටේ පවතින ක‍්‍රමයට අනුව මැතිවරණයකට පෙර මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ගැසට් කළ යුතුව තිබෙනවා. නමුත් මෙම ඡන්ද ක‍්‍රමයේ ගැටලූව නිසා එය කළ නොහැකියි.
ඒ වගේම මෙම නව ඡන්ද ක‍්‍රමය අනුව ඡන්දය පැවැත්වීම සඳහා සංශෝධන 56ක් ඇතුළත් කළ යුතු බව මැතිවරණ කොමසාරිස්තුමා ප‍්‍රකාශ කොට තිබුණා. එම සංශෝධන නොමැතිව ඡන්දය පැවැත්විය නොහැකියි. එම සංශෝධන ඇතුළත් කරනවා නම් මුලින්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට යවා අනතුරුව පළාත් පාලන අධීක්‍ෂණ කාරක සභාව සම්මත කිරීමෙන් පසුව නැවතත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙම කි‍්‍රයාවලියට වැළැක්විය නොහැකි ලෙස විශාල කාලයක් ගතවෙනවා. නව කොට්ඨාශ නිර්ණ කොමිසමට අනුව මුලූ කොට්ඨාශ සංඛ්‍යාව 5002ක් වෙනවා. ඉන් 30%ක් සමානුපාතික නම් මන්තී‍්‍රවරුන් 1501ක් පත්කළ යුතුයි. 25%ක කාන්තා නියෝජනයක් ඇතිවීමට මන්තී‍්‍රවරියන් 2168ක් පත්කළ යුතුයි. ඒ අනුව මුලූ මන්තී‍්‍රවරුන් සංඛ්‍යාව 8671ක් දක්වා ඉහළ යනවා. ඒ අනුව දැන් සිටින මන්තී‍්‍රවරුන් සංඛ්‍යාවට අමතවර මන්තී‍්‍රවරුන් 3423කින් පළාත් පාලන නියෝජිතයින් ලෙස පත්වීමට නියමිතයි. එනම් 60%ක ඉහළ යාමක්. මේ වැඩිවීම නිසා සියලූම පළාත් පාලන ආයතනවල සභා ගර්භයේ ඉඩ මදි වෙනවා. ගොඩනැගිලි කඩලා නව ගොඩනැගිලි හදන්න වෙනවා. මෙය විශාල ගැටලූවක්.
ඒ වගේම අපේ රටේ බහු ආසන තිබෙනවා. ආසනයේ සිංහල ජන ප‍්‍රමාණය වැඩි නම් එම ආසනය නියෝජනය කිරීමට සිංහල මන්තී‍්‍රවරයෙක් පත් වෙනවා. මුස්ලිම් ජන සංඛ්‍යාව වැඩි නම් මුස්ලිම් මන්තී‍්‍රවරයෙක් පත් වෙනවා. නමුත් මෙම නව මැතිවරණ ක‍්‍රමයට අනුව බහු ආසන ක‍්‍රමයේ මුඛ්‍ය පරමාර්ථය බිඳ වැටෙනවා. ඒ අනුව බහු ආසනවලටත් බහුජන කොට්ඨාශය වෙනුවට වෙනත් ජන කොට්ඨාශයක් නියෝජනය කරන මන්තී‍්‍රවරයෙක් පත්වෙනන්න පුළුවන්. එය සංශෝධනය විය යුතුයි.
ඒ වගේම මෙම ක‍්‍රමයට අනුව සමානුපාතිකව පත්වෙනවා යැයි කියන ප‍්‍රමාණය ගැටලූ සහගතයි. කොට්ඨාශ ප‍්‍රමාණයෙන් 30%ක් සමානුපාතිකව පත් වුණත් එම මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය සභාවෙන් 23%යි. ඒ අනුව කොට්ඨාශ ක‍්‍රමයෙන් 77%ක් පත් වෙනවා. යම් පළාත් පාලන ආයතනයක් 51%ක ඡුන්ද ප‍්‍රමාණයකින් දිනන පක්‍ෂයකට මන්තී‍්‍රවරුන් මුළු සභාවෙන් 77%ක් ලැබෙනවා. 49%ක් ලබාගෙන පරාජය වන මුළු කණ්ඩායමටම ලැබෙන්නේ මුළු සභාවෙන් 23%ක මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණයක් පමණයි. එනිසා එය අසාධාරණයි. 40%ක් ඡුන්ද ලබාගෙන දිනන පක්‍ෂයකට වුවත් (ඡන්ද ප‍්‍රමාණය තුනට බෙදීමෙන් එසේ විය හැක) සභාවෙන් 77%ක් මන්තී‍්‍රවරුන් ලබාගත හැක. ලෝකයේ කොහේවත් මෙවැනි ඡන්ද ක‍්‍රමයක් නැහැ. මහින්ද රාජපක්‍ෂලාගේ බල වුවමනාව මතම බලහත්කාරය පාවිච්චි කරලා සකස් කරපු මැතිවරණ ක‍්‍රමයක් පමණයි. අපේ රටේ පාර්ලිමේන්තුවට එක් ඡන්ද ක‍්‍රමයක්ද පළාත් සභාවට තවත් ඡන්ද ක‍්‍රමයක්ද පළාත් පාලන ආයතනවලට තවත් ඡන්ද ක‍්‍රමයක්ද වශයෙන් ඡන්ද පැවැත්විය යුතු නැහැ. එය විකාර සහගත දෙයක්. එනිසා මෙම ඡන්ද ක‍්‍රමයේ විකෘති තත්වය ඡන්ද පැවැත්වීමට බාධාවක් වී තිබෙනවා.
සාමාන්‍ය පිළිගත් ක‍්‍රමයට අනුව නම් සමානුපාතික ප‍්‍රමාණය 40%ක් වත් විය යුතුයි. 60%-40% අනුපාතයට බෙදුණොත් නව මැතිවරණ ක‍්‍රමයට අනුව මුළු මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය 11,000 දක්වා පමණ ඉහළ යා හැකියි. අපේ රටේ පළාත් පාලන මන්තී‍්‍රවරු තව දුරටත් වැඩි කළ යුතුද? කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් මේ අවස්ථාවට පමණක් පැරණි ඡන්ද ක‍්‍රමය වලංගු වන පරිදි සංශෝධනයක් ගෙන ආ යුතුයි. නැතිනම් මෙම පළාත් පාලන මැතිවරණය කවදා පැවැත්වේදැයි කිසිවෙකුට පැවසිය නොහැකියි. මැතිවරණය ප‍්‍රමාද කිරීමට ආණ්ඩුවේ වුවමනාවක් තිබෙනවාද නැද්ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි නමුත් මෙම තාක්‍ෂණික කරුණු බාධාවක් කරගෙන ආණ්ඩුවට මැතිවරණය කල් දැමීමට යොදාගන්න පුළුවන්. “ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
නව ඡන්ද ක‍්‍රමය විකෘතියක් - අනුර
2017-02-20T16:11:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|