විමල් සිරගෙදර සිට දෙවැනි පොතත් ලියයි

රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මැගසින් බන්ධනාගාරයේ ඊ සිරමැදිරියේ සිට සිරගෙදර අත්දැකීම් අළලා සිය දෙවන ග්‍රන්ථය ලිවීම මේවන විට ආරම්භ කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මීට පෙර ජාතිකවාදය පිළිබඳව පරිච්ඡේද 10කින් සමන්විත සිය පළමුවන ග්‍රන්ථය ලිවීම මේවන විට අවසන් කර තිබේ.
දෙවන ග්‍රන්ථය මෙම 20වැනිදාට පෙර අවසන් කිරීමට ඔහු බලාපොරොත්තු වන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සිරගෙය තුළ සිට රචනා කරන ලද ග්‍රන්ථ දෙක සමග සැකකාර හිටපු ඇමැතිවරයා රචිත කෘති ගණන 7කි.
Previous Post Next Post