මහින්ද වෙනුවෙන් විජයමුණි පෙරට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තීරණයක් ගන්නේ නම් තමන් පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බව අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා පවසනවා.

ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය කිසිදා එම තීරණයට අනුමැතිය ලබා නොදෙන බවයි.

ඒකාබද්ධ විපක‍ෂය මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය දෙකඩ කිරීමේ උත්සාහයක නිරත වී ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.
Previous Post Next Post