FCID යට බය වෙන්න එපා

සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා කටයුතු කිරීමේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බිය නොවන්නයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවකයන්ගෙන් ඊයේ (13දා) ඉල්ලා සිටියේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

" ඇතැම් රාජ්‍ය නිලධාරීන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බයේ රාකාරි කටයුතු මන්දගාමී තත්ත්වයට පත්කර තිබෙනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බියවී රාජකාරි කටයුතු කරන්න එපා. ප්‍රශ්නයක් වුණොත් එහි වගකීම අපි බාරගන්නවා.
රාජ්‍ය අංශයේ ටෙන්ඩර් ක්‍රමවේදය වෙනස් කිරීමට අපි කටයුතු කරනවා. දැනට මාස 09 ක් පමණ ගතවන ටෙන්ඩර් ක්‍රමවේදය මාස දෙකහමාරකින් පමණ අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”
Previous Post Next Post