ඇමැති ආරක්ෂක අංශයේ වැඩ නැති 200කට මාරුවීම්

ඇමැති ආරක්ෂක අංශ (MSD) සංචිතයේ නිසි රාජකාරියක් නොමැතිව කාලය ගතකරන නිලධාරීන් පන්සියයක පමණ දෙනාගෙන් 200දෙනකු අප්‍රේල් මස මුල සිට විවිධ පොලිස් ස්ථානවලට ‍ස්ථාන මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.

ඉදිරියේ දී තවත් එවැනිම නිලධාරීන් 100කට පමණ ස්ථාන මාරුවීම් ලබා දීමට කටයුතු සිදුවෙමින් පවතින බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ ස්ථානමාරුවීම් ලබන පොලිස් නිලධාරීන් අතර ඇතැමුන් වසර 25කට වඩා අධික කාලයක් ඇමැති ආරක්ෂක අංශයේම සේවය කරමින් සිටින පොලිස් කොස්තාපල් නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා වූ නිලයන්වල අයවලුන් සිටිති.

මෙසේ රාජකාරියක් නොමැතිව කාලය ගතකරන නිලධාරීන් ස්ථාන මාරුකිරීමෙන් ඇතිවන පුරප්පාඩු සඳහා දැනට විවිධ පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරී සිදුකරන තරුණ නිලධාරීන් ඇමැති ආරක්ෂක අංශයට බඳවා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කරමින් ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වනවිට ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව පොලිස් නිලධාරීන් 1300ක් පමණ සේවයේ නිරතව සිටිති.
gossip lanka