ලාංකිකයන් 25 ක්‌ ඔස්‌ට්‍රේ‍ලියාවෙන් නෙරපයි

ඔස්‌ට්‍රේ‍ලියාවේ අනවසරයෙන් සිටි ශ්‍රී ලාංකිකයන් 25 ක්‌ ඊයේ(15) පෙරවරුවේ මෙරටට හරවා එවා ඇත.

එස්.එෆ්.ඩී. 001 අංකය දරන ඕස්ට්‍රේලියාවට අයත් විශේෂිත ගුවන් යානාවකින් එරට ආරක්ෂක අංශයේ පිරිසක් විසින් ඔවුන් 25දෙනා මෙරටට රැගෙනවිත් තිබේ.

ඒ අය අතර කාන්තාවන් සිව් දෙනෙක්ද සිටිති.
යාපනය, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය,කන්කසන්තුරේ, මුලතිව්, මඩකලපුව, මන්නාරම සහ නුවරඑළිය යන ප්‍රදේශවල එම 25 දෙනා පදිංචිකරුවන් බව ‍පොලීසිය සඳහන් කළේය.

එම පිරිසෙන් කටුනායක ගුවන්තොටු‍පොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් ප්‍රකාශ ලබාගෙන ඔවුන් පදිංචි ප්‍රදේශවලට පිටත් කර යැවූ බව ‍පොලිසිය පැවසී ය.
Previous Post Next Post