මහත් ආන්දොලනයකට ලක්‌ව ඇති සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වහා ගත යුතු ක්‍රියාමාර්ග තුනක් ජාතික හෙළ උරුමය විසින් ඊයේ (14 දා) රජයට ඉදිරිපත් කරනු ලැබීය.
1. සයිටම් වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කිරීම
2. දැනට බඳවාගෙන ඇති ශිෂ්‍යයන් අතරින් හැකි උපරිම පිරිසකට වෛද්‍යවරුන් වීම සඳහා අවස්‌ථාවක් සකසා දීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට විශේෂඥ මණ්‌ඩලයක් පත්කිරීම.
3. ඉවත් කරන සිසුන් වෙනුවෙන් වන්දියක් ලබාදීම.
එම යෝජනා බව හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් අනුරුද්ධ ප්‍රදීප් මහතා ඊයේ (14 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එසේම එම යෝජනා තුනට අමතරව මෙය මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ලෙස සංශෝධනය කිරීම ද සුදුසු බව හෙතෙම පැවසීය.
සයිටම් ගැටලුවට හෙළ උරුමයෙන් යෝජනා 3 ක්
2017-03-15T15:56:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|