ලකුණු 6න් කුසල්ට අහිමිව ගිය වාර්තාව

ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස්කළ ළබාලතම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමට කුසල් මෙන්ඩිස්ට තිබූ අවස්ථාව අද මග හැරී ගියේය.

ඒ ශ්‍රීලංකාව හා බංගලාදේශය අතර මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 194කට දැවී යාමත් සමගය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස්කළ ළාබාලතම ක්‍රීඩකයා වන්නේ මහේල ජයවර්ධනයි.
ඔහු 1998 වසරේ පාකිථානයට එරෙහිව ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස්කළ අතර, ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 21 දින 273කි.

ලොව අඩුම වයසකින් ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස්කළ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ පාකිස්ථානු සුපිරි ක්‍රීඩක ජාවෙඩ් මියැන්ඩාඩ්ය.

ඔහු 1976 වසරේ නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ද්විත්ව ශතකයක් රැසකල අතර, ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 19යි දින 140කි.
Previous Post Next Post