හතුරුසිංහගේ සේනාව එක්ක හැප්පෙන සිංහ සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා රංගන හේරත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා කණ්ඩායමෙන් ඉවත්කර තිබෙනවා.

මේ අනුව සංචිතයට ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල හා උපුල් තරංග නම්කර තිබෙනවා.

පසුගිය දකුණු අප්‍රිකා සංචාරයේදී අසාර්ථක වීම නිසා අවසන් එක්දින තරග කිහිපය හා ඕස්ට්‍රේලියානු 20-20 තරගාවලියෙන් ඉවත් කළ දිනේෂ් චන්දිමාල් යළිත් කණ්ඩායමට නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න, දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, උපුල් තරංග හා අසේල ගුණරත්න නම් කර තිබෙනවා.

වේගපන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල්, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප් හා විකුම් සංජය නම් කර ඇති අතර දුෂ්මන්ත චමීර ඉවත් කර තිබේ. දඟපන්දු යවන්නන් ලෙස රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර සහ ලක්ෂාන් සඳකැන්ද නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය ලබන 7දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

රංගන හේරත් (නායක)
නිරෝෂන් දික්වැල්ල
දිමුත් කරුණාරත්න
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
ධනංජය ද සිල්වා
උපුල් තරංග
අසේල ගුණරත්න
මලින්ද පුෂ්පකුමාර
දිල්රුවන් පෙරේරා
නුවන් ප්‍රදීප්
ලහිරු කුමාර
සුරංග ලක්මාල්
විකුම් සංජය
ලක්ෂාන් සඳකැන්

මේ අතර වත්මන් බංග්ලාදේශ කණ්ඩායම අත්දැකීම් පිරි ක්‍රීඩකයින්ගෙන් සමන්විත හොඳ කණ්ඩායමක් බවත් ඔවුන්ගෙන් එල්ල වන අභියෝගයට මුහුණ දීමට තම පිල සූදානම් බවත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක රංගන හේරත් ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

“බංග්ලාදේශ පි‍ලේ අත්දැකීම් පිරි ක්‍රීඩකයින් රැසක් සිටිනවා. ඒ නිසා අපි ඔවුන්ට සාර්ථකව මුහුණ දිය යුතුයි. එවිට හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකියි“ රංගන පැවැසීය.
Previous Post Next Post