අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරට පත්කර ඇතිබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අසංක ගුරුසිංහ මහතා ඉදිරියේදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර එළැඹෙන 07 දා පැවැත්වීමට නියමිත බංග්ලාදේශ සංචාරයෙන් සිය කටයුතු ආරම්භ කිරිමට නියමිතයි.

Previous Post Next Post