ශ්‍රීලනිප විධායක සභා රැස්වීම නීති විරෝධීලු

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක සභා රැස්වීමක් පැවැත්වීම නීති විරෝධි කටයුත්තක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන සදහන් කළේ එවැනි රැස්වීමක් සංවිධාන කිරීමේ බලයක් හෝ අයිතියක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභාවේ විශේෂ රැස්වීම් දෙකක් අද පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. විධායක සභා රැුස්වීමට සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීමට, ඒවා නියෝජනය කරන සියලූ සාමාජිකයින්ට ආරාධනා කර ඇති බවයි අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සදහන් කළේ.

කෙසේ වෙතත් විධායක සභාව නියෝජනය කරන බහුතරයක් සාමාජිකයින් ඒකාබද්ධ විපක්ෂය සමග සිටින බැවින් එවැනි රැස්වීමක් සංවිධාන කිරීම නීති විරෝධි බවයි මහින්ද යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරයා සදහන් කළේ.
Previous Post Next Post