පුද්ගලික බස්රථවලට ප්‍රවේශපත් අනිවාර්ය කෙරේ

ලබන 15 වැනි දා සිට බස්නාහිර  පළාතේ පෞද්ගලික බස්රථවල ගමන් කරන මගීන්  ප්‍රවේශ පත්‍රයක් ළඟ තබා ගැනීම අනිවාර්ය කෙරේ.

මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ද කොන්දොස්තරවරුන්ට අනිවාර්ය කෙරෙන බව බස්නාහිර  පළාත්  මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති  තුසිත කුලරත්න මහතා පවසයි.
ප්‍රවේශපත්‍රයක්  නොමැති මගීයකුට රුපියල් 100 ක දඩයක් සමග ගමන් ගාස්තුව මෙන්ම දෙගුණයක දඩයක් නියම කෙරේ. මගීන්ට ප්‍රවේශපත්‍ර නොදෙන කොන්දොස්තරවරුන්ට මුල් වතාවේ රුපියල් 250 ක් ද දෙවනුව රුපියල් 500 ක් ද තෙවනුව රුපියල් 1000 ක දඩයක්  සමඟ කොන්දොස්තරවරයා  අසාදු ලේඛන ගත කෙරේ
Previous Post Next Post