කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම පිළිබඳ නිවේදනයක්

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම අනිද්දා (17) පස්වරු හතරෙන් අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

පසුගිය 14 වැනිදා අයදුම්පත් නිකුත් කිරීම ආරම්භ වූ අතර එය දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානවලදී සිදුකෙරනවා.


පළමු දිනයේ පමණක් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 මගින් අයදුම්පත් 5660 ක් නිකුත් කර තිබුණා.

එදින වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් නිකුත් කර තිබුනේ තංගල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයෙන්.



Previous Post Next Post