පොලීසිය විසින් මේ අය ඉල්ලයි

බොරැල්ල පොලිස් බලප්‍රදේශය තුළදී බස් රථයක ගමන්ගනිමින් සිටි කාන්තාවකගේ අත්බෑගය සොරාගෙන එහි තිබුණු රු. 102300 ක් මුදලක් ගත් සහ එහි තිබුණු ණයවර කාඩ්පතකින් බොරැල්ල වෙළඳසැලකින් රු. 27705ක ඇඳුම් ලබාගත් සැකකාරියන් දෙදෙනෙකු ගැන පොලීසිය සොයයි.

 ඉකුත් 27 වන දින පෙරවරුවේ මොවුන් අදාළ සොරකම් සිදුකර ඇති බවත්, ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සහය වන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තොරතුරක් දන්නේනම් දුරකථන අංක-

071‍-‍8591587     077‍-‍7264299       011‍-‍2693938     011‍-‍2694019
Previous Post Next Post