මේ ඒකාධිපති ගමන අපි නතර කරන්න ඕනි

රට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන මේ තීරණාත්මක පැයේ ඊට එරෙහිව රටම පෙළගැස්විය හැකි ජාතික නායකයා දින 70ක් තිස්සේ සිරගතකොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පෙන්වා දෙයි.
  
 අද(20) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විමල් වීරවංශ මහතා යළි දින 14කට රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

‘‘අදට(20) විමල් වීරවංශ කියන ජාතික නායකයා සිරගත කරලා දින 70ක් වෙනවා. අද ලබා දුන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ තීන්දුව සමග ඔහුට අපේ‍්‍රල් 03 වැනිදා දක්වා තව දින 14ක් සිරබත් කෑමට සිදුව තිබෙනවා.

ඒකීය ව්‍යවස්ථාව වෙනස් කරලා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ ආණ්ඩුව සූදානම් වෙලා ඉන්න වෙලාවේ තමයි ඊට එරෙහිව රටම පෙළගැස්විය හැකි මේ ජාතික නායකයා ත්‍ක්‍ෂෘය ලවා අභූත චෝදනා නගලා සිරගත කරන්නේ. රටේ ආර්ථිකය බිඳ වට්ටද්දී, ජාතික සම්පත් විකුණද්දී ඊට එරෙහිව රටම පෙළගැස්විය හැකි නායකයා තමයි මේ විදියට අද සිරබත් කන්නේ.

පසුගියදා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ප‍්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ පාර්ලිමේන්තුවේදි කිව්වා මේ ආණ්ඩුව යන්න හදන ගමන ගැන. ‘මහින්ද රාජපක්‍ෂලාගේ, විමල් වීරවංශලාගේ ප‍්‍රජා අයිතිය අවුරුදු 07කට අහෝසි කරනවා. එමගින් ඔවුන්ට ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙනවා. අපි ඊට පසුවයි මහ මැතිවරණයකට යන්නේ. ජනාධිපතිවරණයකට යන්නේ ’ කියලයි අශෝක අබේසිංහ එදා කීවේ. මේ ඒකාධිපති ගමන අප නතර කරන්න  ඕනේ.
  
මාධ්‍ය මර්දනය කරලා, සැබෑ විපක්‍ෂය වන ඒකාබද්ධ විපක්‍ෂය මර්දනය කරලා මේ යන ගමනට වැඩි ආයුෂ නැහැ. තව පෝය කිහිපයකින් මේ ඒකාධිපති ගමනට නිසි පිළිතුරු ලැබේවි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනයේදී මහාධිකරණයෙන් විමල් වීරවංශ මහතාගේ ඇප ප‍්‍රතිශෝධන පෙත්සමට සාධාරණ තීන්දුවක් ලැබේවි, කියලා.’’

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by