ශ්‍රී ලාංකිකයින්ට කැනඩාවේ වීසා වෙනසක් නෑ

ශ්‍රී ලාංකිකයින් සඳහා සිය වීසා ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් සිදුකර නොමැති බව කැනඩා රජය අවධාරණය කරයි.

ඒ දින 90ක කාලයක් සඳහා ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැති සංචාර සඳහා කැනඩාවේ දේශසීමා විවෘත කර ඇති බවට පළ වී ඇති වාර්තා ප්‍රතික්ෂේප කරමිනි.
ව්‍යාපාරික කටයුතු සහ සංචාරකයන් ලෙස කැනඩාවට පැමිණෙන සියලූම ශ්‍රී ලාංකිකයන් තවදුරටත් වීසා බලපත් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව කොළඹ කැනඩා මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මේ නිසා තම රටේ සංචාරය කිරීමට පෙර අදාළ වීසා අවශ්‍යතා පිළිබඳව පැහැදිලි කරගන්නා ලෙස එමඟින් දැනුම් දෙයි.

වීසා අවශ්‍යතාවන් පිළිබඳ කිසියම් වෙනසක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව කැනඩා රජයේ නිල වෙබ් අඩවි මඟින් සහ මාධ්‍ය නිවේදනයක් මඟින් දැනුම් දෙන බවත් කැනඩා මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
Previous Post Next Post