රවිට එරෙහි විශ්වාසභංගයක්

මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි. පාර්ලිමේන්තුව රැස් වෙන ලබන සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක් පැවැසීය.

විහිකල් ලංකා සමාගමට මෝටර් රථ එකලස් කිරීමට පහසුකම් සැලසීම,
ලොතරැයි වැරැදි ලෙස මුද්‍රණය කර වෙළෙඳපොළට නිකුත් කිරීම, එයාර්ලංකා පෞද්ගලිකකරණය කිරීමේ ගනුදෙනුව, එපාට්මන්ට් මිලදී ගැනීම හා කුලිය ගෙවීම, මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නිකුත් කර ඇති නිවේදන ඇතුළු අක්‍රමිකතා රාශියක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායම් වශයෙන් බෙදී මේවාට අදාළ තොරතුරු හා ලියකියවිලි ඒකරාශි කිරීමක මේ දිනවල යෙදී සිටින බවත්, ඒ සියල්ලේ සත්‍ය හා ඔප්පු කළ හැකි ලිපිගොනු සහිත ලියකියවිලි මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කරන බවත් එම ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයා පැවැසීය.
Previous Post Next Post