දකුණේ පොලිසි සීරුවෙන් තබයි

අද (10) පස්වරු 06.00 සිට දකුණු පළාතේ පොලිස් ස්ථාන සීරුවෙන් තබන ලෙස දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රැන්ක්ලින් ප්‍රනාන්දු මහතා නියෝග කර ඇත.

පොලිසිය මෙසේ සීරුවෙන් තබා ඇත්තේ දකුණේ සැඟව සිටින පාතාල සාමාජිකයින් ඇල්ලීම සඳහා බවද වාර්තා වේ.
මේ අතර, පාතාල නායක සමයං ඇතුළු පිරිස ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවා වන මාකඳුරේ මධූෂ් බවට සැකකෙරෙන අයකු ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඔහු මුදාහැර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවද නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා අප කළ විමසීමකදී කියා සිටියේය.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්නකරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

එසේම මධුෂ්ට නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ආරක්ෂාව ලබාදෙන බවට පැතිර ඇති කතාද ඔහු ප්‍රතික්ෂේප කළේය.
Previous Post Next Post