දෙමුහුන් අධිකරණයක් ගැන කොන්දේසියක් නෑ

ශ්‍රී ලංකාවට එරෙහිව පවතින යුද අපරාධ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා වසර දෙකක කාලයක් දීමේදී දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණයක් පිහිටුවන ලෙසට එක්සත් ජාතීන්ගේ ජගත් මානව හිමිකම් කවුන්සිලය කිසිදු කොන්දේසියක් පනවා නැතැයි සභානායක, මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

2015 ජනවාරි 30 දින ඇතිකර ගත් එකඟතාව අනුව දෙමුහුන් අධිකරණ පිහිටුවීමේ කිසිදු එකඟතාවකට එළැඹ නොමැති බවත් ඇතැම් කල්ලි ප්‍රකාශ කරන අකාරයට එකඟතාවයේ 6 වෙනි පරිච්ජේදයේ කිසිදු සංශෝධනයක් කර නොමැති බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් විදෙස් උපදෙස් හා අධාර ගැනීම අදාළ ඕනෑම අවස්ථාවක දී කළ හැකි බව අවධාරණය කළ කිරිඇල්ල මහතා දෙමුහුන් අධිකරණ පිහිටුවීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පවා කළ නොහැකි බව ද පෙන්වා දුන්නේය.
Previous Post Next Post