ආරක්ෂක ලේකම් විශ්‍රාමයන්නෙ නෑ

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතිබවට පලවන ආරංචි අසත්‍ය බව වාර්තා වේ.

පසුගියදා සිංගප්පූරුවේදී හදවත් සැත්කමකට මුහුණදී මේවන විට නිවාඩු ලබාගෙන සිටින ආරක්ෂක ලේකම්වරයා සතිදෙකක පමණ කාලයකින් පසුව නැවත සේවයට පැමිණීමට නියමිත බව අප කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියකු කියා සිටියේය.
කෙසේවුවද, හෙට්ටිආරච්චි මහතා විශ්‍රාම ගතහොත් ඉන් පුරප්පාඩු වන ආරක්ෂක ලේකම් ධූරයට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න හෝ තවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වන ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ යන දෙදෙනාගෙන් එක් නිලධරයකු පත්වීමට ඉඩ ඇතැයි ද පැවසේ.

අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා ලබන ජූනි මස විශ්‍රාම ගැනීමට නියමිත බැවින් ඊට පෙර ඔහුගේ නම මෙම තනතුර සඳහා යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.

ආරක්ෂක ලේකම් ධුරය ඉතා වැදගත් තීරණාත්මක තනතුරක් වන නමුදු හෙට්ටිආරච්චි මහතා එම ධුරයේ කටයුතු කළ ආකාරය ගැන  ද විවේචන ඉදිරිපත්ව තිබේ.
Previous Post Next Post