රනිල්, ව්‍යවස්‌ථා ගෙන්න ලබන සතියේ සිට දිගටම වැඩ

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනය කරනු ලබන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව ලබන සතියේ සිට අඛණ්‌ඩව රැස්‌වී නව ව්‍යවස්‌ථාව සම්පාදනය කර අවසන් කිරීමට තීරණය කොට තිබේ.

නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමට අවශ්‍ය යෝජනා ලබාදෙන කමිටු හයේ වාර්තා මේ වන විට ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව වෙත භාරදී ඇති නිසා එම කමිටුව මෙම තීරණයට එළැඹ ඇත.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරන අතර, එම මෙහෙයුම් කමිටුවේ අවසන් එකඟතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ වාර්තාවක්‌ ලෙසය.

නව ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමට අවශ්‍ය යෝජනා ලබාදීමට පත් කළ කමිටු හයේම යෝජනා මේ වන විට ආණ්‌ඩු ක්‍රම මෙහෙයුම් කමිටුවක්‌ වෙත භාර දී තිබේ.

ඒ අනුව එම යෝජනා ඇතුළත් කර සකස්‌ කෙරෙන වාර්තාව පාර්ලිමේන්තුවේ සියලු පාර්ශව වලින්ද අදහස්‌ ලබාගෙන ඉන් පසුව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවසීය.

(දිවයින)
Previous Post Next Post