දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුගේ පළමු රුසියානු නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන "නාදුනන සොල්දාදුවාගේ ස්මාරකය" වෙත පුෂ්පෝපහාර දැක්වීය.
මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදි කර තිබේ.
රතු චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරී විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර විශේ්ෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමිණි.
ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.
ජයන්ති සිරිසේන මැතිනිය ඇතුථ ශ්‍රී ලංකා දූත කණ්ඩායම ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනපති මෛත්‍රී නාදුනන සොල්දාදුවන්ට උපහාර දක්වයි
2017-03-23T15:49:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|