කිසිදු රණවිරුවකුට දඬුවම් කරන්නේ නෑ - චන්ද්‍රිකා

ත්‍රස්තවාදයෙන් රට බේරාගත් කිසිදු 'රණවිරුවෙකු' නීතිය හමුවට ගෙන විත් දඩුවම් නොකරන බවත් යුද්ධය මුවාවෙන් නිරපරාදේ දෙමළ ජනතාව මරා දැමූ අයට එරෙහිව කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යාපනයේදී පැවසුවාය.

එමෙන්ම යුද්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් තම පිරිස් කෙසේ අතුරුදහන් වූවාදැයි විමසන බවත් ඔවුන් කිසිදු අවස්ථාවක ඊට සම්බන්ධ අයට දඩුවම් කළයුතු යැයි සඳහන් නොකළ බවත් කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.
යාපනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සදහා යාපනයට ගිය ජාතික සමගිය හා සංහිදියා කාර්යංශයේ සභාපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයට සහභාගී වෙමින් මේ බව කියා සිටියාය.

ජනපතිගේ අත්සන විතරයි ඕන :

‘‘පසුගිය වසරේ මම අවස්ථා දෙකකදී යාපනයට පැමිණියා. නමුත් අද මම මෙතනට පැමිණියේ ඉතා සතුටින්. අපි වසර දෙකක් පුරා සැලසුම් කරලා මුදල් හොයාගෙන දැන් උතුරට සංවර්ධන කටයුතු ලබා දෙන්න අපේ කාර්යංශය සමත් වෙලා තියෙනවා.

අතුරුදහන් වූවන් සෙවීම සදහා අවංකව හා ක්‍රියාශීලී වැඩපිලිවෙලක් කරනවා කියලා රජය ජනතාවට ජාත්‍යන්තරයටත් පොරොන්දු වුණා. ඒ සදහා නීති රීතිත් ගෙනල්ල පාර්ලිමේන්තුවේ සම්මත කරගෙනත් ඉවරයි.

දැන් ජනාධිපතිතුමා ඒ නීතිය අත්සන් කරලා ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ‘ යැයි ද හිටපු ජනාධිපතිනිය කීවාය.
gossip lanka