1972ට පෙර ක්‍රියාත්මක වූ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් මණ්ඩලයේ සෙංකෝලය ඇතුළු පාර්ලිමේන්තුවසතුව පවතින ඓතිහාසික වටිනාකමකින් යුක්ත කෞතුක භාණ්ඩ සුරක්ෂිතව තැන්පත් කර තැබිම සඳහා පාර්ලිමේන්තු කෞතුකාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ලක්බිම ඉරිදා සංග්‍රහයට පැවැසීය.
කථානායක අසුන සඳහා බ්‍රිතාන්‍යයෙන් දුන් අසුනක්, මේ වන විට භාවිත කරන සෙංකෝලයේ නිර්මාතෘවරයා වන එස්.ජී. චාර්ලිස් විසින් පරිත්‍යාග කළ සෙංකෝලයේ නිවැරදි සටහන මෙන්ම කථානායකවරුන් විසින් පරිහරණය කළ පුටු ආදී සියලු කෞතුක වස්තු ඉදිරියේදී එම කෞතුකාගාරයේ තැන්පත් කර ආරක්ෂිත කිරීමෙන් පසුව මහජන ප්‍රදර්ශනය සඳහා අවස්ථාව සැලසිය හැකිව ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
රන්මලී සෝමසිරි
පාර්ලිමේන්තුවට කෞතුකාගාරයක්
2017-03-25T16:45:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|