පොළිය ඉහළ යාමේ පෙර නිමිති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් 2017 පෙබරවාරි 21 සිට මාර්තු 07 දක්වා කාලය තුළ සිදුකළ ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් කියා පැවසූවේ, උද්ධමන පීඩනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සුපරීක්ෂාකාරීව අධීක්ෂණය කර, උද්ධමනය හෝ ණය වර්ධනය පහළ යෑමක් සිදු නොවන්නේ නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බවය.  ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දිරිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස කටයුතු කර තිබෙනවා.
එමෙන්ම 2017 පෙබරවාරි මාසයට, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 8.2 ක් ලෙසින් ඉහළ අගයක් වාර්තා වීම නිසා උද්ධමන පාලන ක්‍රමවේදයක් ලෙසින් සහ ණය වර්ධනය පාලනය කිරීමේ අරමුණු ඇතිව මුදල් ප්‍රතිපත්තියේ දැඩි වීමක් මෙවර අපේක්ෂා කළ හැකි බව ප්‍ර‍වීණයන්ගේ අදහස වනවා.

2017 වසර සඳහා සිදුකරනු ලබන දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (24) උදෑසන 7.30 ට ප්‍රකාශයට පත්කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.
gossip lanka