ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් සම අනුග‍්‍රහය දැක්වීමට ලක් රජය ගත් තීරණය වෙනස් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
බොරැල්ලේ පැවති ජන හමුවක දී ඔහු මේ බව කියා සිටියා.
එහිදී සඳහන් කෙරුණේ "විදෙස් විනිසුරුවරුන් රටට පැමිණෙනවාට විරුද්ධ බව වේදිකාවේ හෝ පාර්ලිමේන්තුවේ පුන පුනා කීමෙන් පළක් නැහැ. කියන්න ඕනේ ජීනිවා ගිහිනුයි.
ලෝකයේ පළවෙනි වතාවට රටක් තමන්ගේ රටේ මෙහෙම දෙයක් වෙනවා..ඒක පරීක්ෂා කරන්න කියලා ආණ්ඩුවක් ඉල්ලපු පළවෙනි අවස්ථාව තමයි මේක." යනුවෙනි.
මෙරට අධිකරණයේ ස්වාධීනත්වයට ද බලපෑම් එල්ල වී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේ.
රජය ගත් තීරණය වෙනස් කළ යුතුයි
2017-03-23T15:52:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|