ශ්‍රී ලංකාව තුළ දේශපාලන කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කිරීමට අදහස් ඇත්නම් රාජපක්ෂ සොහොයුරන් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට හා බැසිල් රාජපක්ෂ මහතාට ඔවුන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සිදු වන බව වාර්තා වේ.
ඊට හේතුව වන්නේ දහනව වන සංශෝධනය සම්මත කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයනේ පත්වීමට සුදුසුකම් අහිමිවීමය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තු නියෝජිතයකු වශයෙන් පත්වීමට ඉඩක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් විභාග වන නඩුව සඳහා නීතිපතිවරයා කරුණු දක්වා තිබෙන අතර නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා පසුගිය රජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ ද ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසට කටයුතු කර ඇත්තේ ද ද්විත්ව පුරවැසිභාවය තිබෙද්දීය.
රාජපක්ෂලාට ඇමරිකාව අත්හරින්න වෙයි ?
2017-03-18T17:06:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|