ගණිතය නිසා පෙති බිවූ සිසුවියන් රෝහලට

ප්‍රතිඵල නිකුත් වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය අසමත් වූ ගම්පොළ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුවියන් ‍තිදෙනෙකු අධික ලෙස  ඖෂධ භාවිතා කිරීමෙන් ගම්පොළ රෝහලට ඇතුලත් ‍කොට ඇත.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන් තිදෙනා ගෙන් දෙදෙනෙකු එක් පාසලක වන අතර මොවුන් තිදෙනා එකිනෙක හඳුනන අය නොවෙති.

මින් එක් සිසුවියක් පැනඩෝල් පෙති 40 ක් පමණ බී ඇති බවත් තවත් සිසුවියක් ආස්වාසයක (ඉන්හේලර්) සඳහා භාවිතා කරන ‍ඖෂධ කරල් අධික ලෙස පානය කිරීමෙන් මෙසේ රෝගී වී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
විභාගය අසමත් වීමෙන් දැඩි පීඩාවට පත් තමන් හට ජීවත් වීම පවා එපා වූ නිසා ඖෂධ භාවිතා කළ බව මෙම සිසුවියන් පවසා ඇත.

එස්.ඩී.රාජනායක - ගම්පොළ
gossip lanka